දුම්රිය ගමනත් සීමා කෙරේ

දුම්රිය ගමනත් සීමා කෙරේ

උතුරු සහ උඩරට දුම්රිය මාර්ගවල දුම්රිය සේවා සීමා කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස දුම්රිය සේවා සීමා කළ බවයි.

ඒ අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කලාවැව අතර පමණක් දුම්රිය ධාවනය කෙරෙන අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා හැටන් දක්වා සීමා කර තිබෙනවා.

මහනුවර – මාතලේ මාර්ගයේ දුම්රිය ධාවනය මෙන්ම, මඩකළපුව, මීනගයා නගරාන්තර දුම්රියත්, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියත් අද (27) අවලංගු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Share This