දුම්රිය පෙනී පෙනී දුම්රිය හරස්මගේ ත්‍රිරෝද රථයක් පැදවූ තරුණයා මරුට ! එහි සිටි මගීන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට

දුම්රිය පෙනී පෙනී දුම්රිය හරස්මගේ ත්‍රිරෝද රථයක් පැදවූ තරුණයා මරුට ! එහි සිටි මගීන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට

රාගම පොලිස් බල ප්‍රදේශයේ වල්පොල දුම්රිය ස්ථානයට යාබද හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් අන්දමින් ත්‍රිරෝද රථයක් ධාවනය කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයයේ පසුපස අසුනේ පැමිණි ඔහුගේ ඥාතිකාන්තාවන් දෙදෙනකු බරපතල තුවාල සහිතව රාගම රෝහලට ඇතුලත් කළ බවයි.

සිද්ධිය ඇසින් දුටු අය පවසුවේ දුම්රියේ ආරක්‍ෂිත ගේට්ටු සහ අනතුරු අඟවන සංඥා මෙන්ම සීනු සහිත මෙම ස්ථානයේ ආරක්‍ෂිත ගේට්ටු වසා තිබියදීම දුම්රිය මාර්ගය හරහා එහි රියදුරු ත්‍රිරෝද රථය පැදවූ බවයි.

Share This