දුම්රිය වැඩවර්ජනයෙන් සිදුවූ පාඩුව කෝටි දෙකකට වැඩියි

දුම්රිය වැඩවර්ජනයෙන් සිදුවූ පාඩුව කෝටි දෙකකට වැඩියි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබුණු වැඩවර්ජනය හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 2.5කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

එය සමස්ත පාඩුවෙන් අඩක් බව කියා සිටි ඒ මහතා සියයට 50 දුම්රිය මගීන් ගමන් කරන්නේ දුම්රිය වාර ප්‍රවේශපත් ගෙන බවත් ඔවුන් මේ වන විටත් එම මුදල් ගෙවා ඇතැයි ද සඳහන් කරනවා

මේ දිනවල කොවිඩ් හේතුවෙන් දුම්රිය ආදායම් අඩු වී ඇති බවත් දිනකට රුපියල් මිලියන 15 – 20 අතර ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

වැඩිදුරටත් ඔහු පවසන්නේ ලාභ අරමුණුවලින් තොරව සේවාවක් සලසමින් කටයුතු කරන දෙපාර්තමේන්තුව ලබන ආදායම් අහිමි කරගනිමින් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල අරමුණු පැහැදිලි  නැති බවයි.

Share This