දුම්රියේ සේවක පිරිසක ගේ සංකේත ව‍ර්ජනයක් නිසා මගීන් අමාරුවේ

දුම්රියේ සේවක පිරිසක ගේ සංකේත ව‍ර්ජනයක් නිසා මගීන් අමාරුවේ

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද(26) පෙරවරු 7 සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීම නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවූ අතර ඉන් ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා .

එමෙන්ම දුම්රිය තාක්ෂණ කළමනාකාර නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මේ හේතුවෙන් රත්මලාන, දෙමටගොඩ, මරදාන යන දුම්රිය අංගනවල දුම්රිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු අද දිනයේ සිදු නොවන බවයි.

ඒ අනුව ඔවුන් අසනීප නිවාඩු වාර්තා කරමින් අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුණා.

ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා සඳහන් කළේ අදාළ වර්ජනය සඳහා දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් සහ මාර්ග සංවර්ධන අංශයේ නිලධාරීන් ද සහය දැක්වූ බවයි.

ඒ හේතුවෙන් දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන වාහන දැඩි අපහසුතාවට පත් වුණා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පොලීසිය සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව රථවාහන සහ දුම්රිය ධාවනයට අවස්ථාව සලසා දුන්නා.

අදාළ වර්ජනය හේතුවෙන් දුම්රිය පද්ධතියද නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ.

සංඥා සම්බන්ධයෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවූ අතර ඇතැම් දුම්රිය ස්ථාන ආශ්‍රිතව තදබදයක් ද නිර්මාණය වී තිබුණා.

Share This