
දුරකතනයට ඡන්දය දෙන්න එපා මන්ත්රී රවුෆ් හකීම්
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින දුරකතනයට සහාය නොදිය යුතු බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසනවා.
සමගි ජන බලවේගය සමඟ මුස්ලිම් කොංග්රසයේ සම්බන්ධතාවය පිළිබඳව බැරෑරුම් ලෙස නැවත සලකාබැලිය යුතු බවත් අම්පාරේ පැවති ප්රචාරක රැස්වීමකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළා.
දුරකතනයට ඡන්දය ලබාදෙන්නට එපා කියා හකීම් මන්ත්රීවරයා පැවසුවත් මුස්ලිම් කොංග්රස් සාමාජිකයින් ආසන 03කට මෙවර මැතිවරණයේදී තරග කරන්නේ සමගි ජන බලවේගය යටතේයි.