දෙමළිය යෝජිත රක්ෂිතයේ වන අලි ගම් වැදී ජීවිත හානියකට අත වනයි

දෙමළිය යෝජිත රක්ෂිතයේ වන අලි ගම් වැදී ජීවිත හානියකට අත වනයි

බුත්තල,වන්දම , දෙමලිය ප්‍රදේශයේ විශාල වන අලි රංචුවක් මේ දින්වල ගැවසෙනු දැකිය හැකියි.

දෙමළිය යෝජිත රක්ෂිත ප්‍රදේශයේ දී දක්නට ලැබෙන මෙම වන අලි රංචුව අතර පැටවුන් රැසක් ද දැකිය හැකියි.

ප්‍රදේශවාසීන් පවසන්නේ යෝජිත රක්ෂිත ප්‍රදේශයේ කැලෑ එළි පෙහෙළි කිරීම නිසා වන අලින් රංචු වශයෙන් ගම් වදින තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

කඩිනමින් මීට පිළියම් නොයෙදුව හොත් ගම් වැසියන් සහ වන අලි අතර ගැටුමක් නිර්මාණය වන බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

 

Share This