දෙවන එලිසබෙත් රැජිනගේ නමින් ප්‍රංශ ගුවන්තොටුපළ නම් කිරීමට තීරණයක්

දෙවන එලිසබෙත් රැජිනගේ නමින් ප්‍රංශ ගුවන්තොටුපළ නම් කිරීමට තීරණයක්

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ අවසරය ලැබීමෙන් පසු දෙවන එලිසබෙත් රැජිනට ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ ගුවන් තොටුපළක් නම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ප්‍රංශයේ Touquet-Paris-Plage ගුවන් තොටුපළ Elizabeth II Le Touquet-Paris-Plage ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙසින් නම් කිරීමට නියමිත වනවා.

කෙසේ වෙතත් ගුවන් තොටුපොළෙහි නම වෙනස් කිරීමේ සමාරම්භක දිනයක් තවමත් නියම කර නැහැ.

ප්‍රංශයට මේ සඳහා ලබා දී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 8 වන දින රැජිනගේ අභාවයෙන් දින හයකට පසු බ්‍රිතාන්‍ය කිරීටයට මුල් යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම ගුවන් තොටුපළ සැලසුම් කර ඇත්තේ 1930 ගණන්වල දී කැලේස් සිට පැයක පමණ දුරක් ඇති වෙරළබඩ නගරයට පැමිණෙන බ්‍රිතාන්‍යයන් පිළිගැනීම සඳහායි.

Share This