දෙසැම්බර් 01 සිට වසරක කාලයක් ජී 20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාවට

දෙසැම්බර් 01 සිට වසරක කාලයක් ජී 20 සමුළුවේ සභාපතිත්වය ඉන්දියාවට

ඉන්දියාව ජී 20 රටවලට ශක්තිය යන ස්ථාවරයේ සිට නායකත්වය දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාව එළඹෙන දෙසැම්බර් 01 වනදා සිට වසරක කාලයක් සඳහා ජී 20 සමුළුවේ සභාපතිත්වය දැරීමට නියමිතයි.

ඊට සමගාමීව 2023 වසරේ සැප්තැම්බර් 09 සහ 10 යන දෙදින පුරා ජී 20 රාජ්‍ය නායක සමුළුව සදහා සත්කාරකත්වය දැක්වීමට නියමිතයි.

ඊට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය නායක හමු සහ ඊට සමගාමී සාකච්ඡා 200 ක් පමණ රට පුරා පැවැත්වීමට ද ඉන්දියාව කටයුතු සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පැවසුවේ ඉන්දියාව යනු මෙම අඳුරු ක්ෂිතිජයේ දීප්තිමත් ස්ථානයක් බවයි.

ඉන්දියාව එලෙස හැඳින්වීමට හේතුව ඔවුන් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි රටක් වන බැවින් බව ද ඇය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අභියෝග මධ්‍යයේ වුවද ඔවුන් ඩිජිටල්කරණයේ විශිෂ්ඨ සාර්ථකත්වයක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This