
දෙහිවල සත්වෝද්‍යානයේ නිල් කහ මැකෝ ගිරවෙකු සොරකම් කරලා
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි නිල් කහ මැකෝ ගිරවෙකු කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබෙනවා.
අදාළ මැකෝ ගිරවා සිටි කූඩුවේ අගුළු කඩා එම ගිරවා සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු මෙසේ කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇති බවට දෙහිවල පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබෙනවා.
සත්වෝද්‍යාවයේ නිල් කහ මැකෝ ගිරවුන් 30 දෙනෙකු පමණ රඳවා සිටි කූඩුවක එක් ගිරවෙකු මෙලෙස සොරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 4 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු නිල් කහ මැකෝ ගිරවා සොරකම් කර රැගෙන යන අයුරු සත්වෝද්‍යානය තුළ සවි කර ඇති සීසීටීවී කැමරාවල ද සටහන්ව තිබෙනවා.
පසුදා උදෑසන රාජකාරි සඳහා පැමිණි අදාළ කූඩුවේ භාරකුරු කූඩුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ එහි අගුළු කඩා ඇති බව දැක ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර කූඩුව පරීක්ෂා කිරීමේදී එක් නිල් කහ මැකෝ ගිරවෙකු අතුරුදන්ව ඇති බවට අනාවරණ වී තිබෙනවා.