දේවි කුසුමාසන ගෙන් ප්‍රේක්ෂකයින්ට තෑගි (VIDEO)

දේවි කුසුමාසන ගෙන් ප්‍රේක්ෂකයින්ට තෑගි (VIDEO)

දේවි කුසුමාසන චිත්‍රපටය ආදරයෙන් වැළදගත් මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සීමා සහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ බබල් වෙළෙඳ සන්නාමය මගින් සංවිධානය කළ “දේවි කුසුමාසන බලන්න තෑගි දිනන්න” තරඟයේ අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවයේ පසුගියදා පැවැත්වුණා.

ඒ අනුව කුසපත් ඇදීමක් මගින් පවතී අදාළ තරඟයේ පළමු ත්‍යාගය වන රුපියල් එක් ලක්ෂ පනස්දහසක් වටිනා ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රය දිනාගත්තේ රඹුක්කන සිට පැමිණි සුභාෂිණී කරුණාසේන මහත්මියයි.

හෙළ සිනමාව නවමු මගකට යොමුකළ ලයිකා ප්‍රඩක්ෂන් ලංකා ලාංකේය සිනමාවට තිළිණ කළ දෙවැනි චිත්‍රපටයයි දේවි කුසුමාසන.

මේ දිනවල සිනමශාලා අතුරු සිදුරු නොමැතිව පුවරවමින් දේවි කුසුමාසන රජගමනක රජ ගමනක නිරතවනවා.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ දේවි කුසුමාසන චිත්‍රපටය සදහා හේමාල් රණසිංහ ,උදාරි වර්ණකුලසූරිය ,මහේන්ද්‍ර පෙරේරා සහ සනත් ගුණතිලක, ආදී ජනප්‍රිය කලා තරු රැසක් රංගනයෙන් දායක වනවා.

Share This