දේශගුණ විපර්යාස ක්‍රියාකාරීන්ට එරෙහිව ජර්මනිය පුරා වැටලීම්

දේශගුණ විපර්යාස ක්‍රියාකාරීන්ට එරෙහිව ජර්මනිය පුරා වැටලීම්

ජර්මානු විමර්ශකයින් විසින් Last Generation දේශගුණ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින්ට එරෙහිව රටපුරා වැටලීමක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බැවේරියානු ප්‍රාන්ත අපරාධ පොලිස් කාර්යාලය සහ මියුනිච් සාමාන්‍ය මහජන අභිචෝදක කාර්යාලය සිදු කරන ලද වැටලීම්වල කොටසක් ලෙස ජර්මානු ප්‍රාන්ත හතක ස්ථාන 15 ක් සෝදිසි කර ඇති බවයි සඳහන් වන්නේ.

මියුනිච් හි අභිචෝදක ජනරාල් කාර්යාලය පවසන්නේ, අපරාධ සංවිධානයක් පිහිටුවීම හා ඊට සහාය දීමේ චෝදනාව මත වයස අවුරුදු 22 සිට 38 දක්වා වූ විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

විශේෂයෙන්ම, Last Generation දේශගුණ ක්‍රියාකාරී කණ්ඩායමට එරෙහිව අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක් සංවිධානය කිරීම, එහි වෙබ් අඩවියේ එය ප්‍රචාරණය කිරීම සහ අවම වශයෙන් යුරෝ මිලියන 1.4 පරිත්‍යාග ලෙස එකතු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This