දේශසීමා අසල දැඩි සීතලෙන් මියගිය පිරිස් හඳුනා ගනී
කැනඩාවේ ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ හිම සහිත ප්‍රදේශයකදී අධික සීතලෙන් මිය ගිය පවුල හඳුනා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කැනේඩියානු බලධාරීන් විශ්වාස කරන්නේ කැනඩාව සහ එක්සත් ජනපද දේශසීමාවෙන් හමුවූ ඉන්දීය ජාතිකයන් හතර දෙනෙකුගේ මරණය මිනිස් ජාවාරම් සැලැස්මකට සම්බන්ධ බවයි.
කැනඩාවේ මැනිටෝබා අසල අධික සීතලට නිරාවරණය වීමෙන් 39 හැවිරිදි ජග්දීෂ් පටෙල්,37 හැවිරිදි වෛෂයිල්බෙන් පටෙල්, සහ ඔවුන්ගේ දරුවන් වන 11 හැවිරිදි විහන්ගි සහ 3 හැවිරිදි ධර්ක්මික් ජීවිතක්ෂයට පත්වුණා
පටෙල් පවුල පා ගමනින් එක්සත් ජනපදයට යාමට උත්සාහ කළ රාත්‍රියේ උෂ්ණත්වය -35C (-31F) දක්වා පහත වැටි තිබුණ බවයි පැවසෙන්නේ.
ඔවුන්ගේ අනන්‍යතාවය කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර පසුව Royal Canadian Mounted Police (RCMP) විසින් තහවුරු කර තිබෙනවා.
ප්රවෘත්ති සාකච්ඡාවකදී RCMP අධිකාරී රොබ් හිල් පවසා තිබෙන්නේ පටෙල් පවුල ප්‍රථම වරට කැනඩාවට පැමිණියේ ජනවාරි 12 වන දින ටොරොන්ටෝ සිට ගුවන් යානයකින් බවයි.
එතැන් සිට, ඔවුන් ජනවාරි 18 හෝ ඊට ආසන්න දිනකදී මායිම් නගරයක් වන එමර්සන් වෙත යාමට පෙර බටහිර මැනිටෝබා වෙත ගමන් කර ඇති බවත් පසුව ඔවුන්ගේ සිරුරු ඊළඟ රාත්‍රියේ සොයා ගන්නා ලද බවත් ඔහු සඳහන් කරනවා.