දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා උතුරු කොරියාවෙන් නෙරපා හරියි

දේශසීමා තරණය කළ අමෙරිකානු සොල්දාදුවා උතුරු කොරියාවෙන් නෙරපා හරියි

උතුරු කොරියාවේ දේශසීමා තරණය කළ Travis King නැමැති අමෙරිකානු සොල්දාදුවාව Pyongyang විසින් නෙරපා හැරීමෙන් පසු අමෙරිකානු අත්අඩංගුවේ පසුවන බව බලධාරීහු පවසනවා

23 හැවිරිදි Travis King පසුගිය ජූලි මාසයේදී නීති විරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

උතුරු කොරියානු මාධ්‍ය එවකට ප්‍රකාශ කළේ එක්සත් ජනපද හමුදාව තුළ තිබූ අමානුෂික සැලකීම සහ ජාතිවාදය හේතුවෙන් ඔහු පළා ගිය බවයි.

උතුරු කොරියාවට ඇතුළු වීමට පෙර, පුද්ගලයන් දෙදෙනෙකුට පහර දීම සහ පොලිස් මෝටර් රථයකට පයින් පහර දීම යන චෝදනා මත Travis King දකුණු කොරියාවේ මාස දෙකක කාලයක් රැඳවුම් භාරයේ සිට තිබෙනවා .

පසුව ඔහු ජූලි 10 වන දින අත්අඩංගුවේ සිට නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Travis King විනය ක්‍රියාමාර්ග සඳහා නැවත එක්සත් ජනපදයට යාමට නියමිතව සිටි නමුත්, ගුවන් තොටුපළෙන් පිටව දෙරට අතර දැඩි ලෙස ආරක්‍ෂා කරන ලද යුද මුක්ත කලාපයේ (DMZ) මායිම් ගම්මානය වන Panmunjom හි මාර්ගෝපදේශක සංචාරයකට සම්බන්ධ වීමෙන් පසු උතුරු කොරියාවට ගොස් තිබුණා

Share This