දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් යන ආයතන සහතික මිලට ගැනීම හෙට සිට

දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් යන ආයතන සහතික මිලට ගැනීම හෙට සිට

දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් යන ආයතන විසින් මිලදී ගැනීම.

අපේ රටේ ගොවි ජනතාවගේ ගොවි නිෂ්පාදන අතරින් දේශීය අල, ලොකු ලූනු, හා රතු ලූනු, ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් යන ආයතන විසින් මිලදී ගැනීම සඳහා වූ එකඟතාවයක් තුළ මිලක් නියම කරමින් හෙට (02) සිට අල, ලොකු ලූනු සහ රතු ලූණු වගා කරන ප්‍රදේශ වල, එම ආයතන වලට අදාල මධ්‍යස්ථානයන් වලදී පහත සඳහන් මිල ගණන් යටතේ මිල දී ගැනීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

දේශීය අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 210
ලොකු ලූනු කිලෝ ග්‍රෑම් 1 ක් රු. 130
රතු ලූනු කිලෝ ග්‍රෑම් 1 ක් රු. 225

ඒ අනුව මිලදී ගත් එම නිෂ්පාදන පහත මිල ගණන් යටතේ ලංකා සතොස වෙළෙඳසැල් තුළින් පාරිභෝගික ජනතාවට ලබා ගත හැකි බවද අමාත්‍යාංශය නිවේදනය කළා.

දේශීය අල කිලෝ ග්‍රෑම් 1 ක් රු. 250
ලොකු ලූනු කිලෝ ග්‍රෑම් 1 ක් රු. 150
රතු ලූනු කිලෝ ග්‍රෑම් 1 ක් රු. 295

මිල දී ගැනීමේ මධ්‍යස්ථාන පහත පරිදි වේ.

දේශීය අල මිල දී ගැනීම –
ලංකා සතොස ආයතනය – කැප්පෙටිපොළ, නුවරඑළිය, බෝගහකුඹුර

කාගිල්ස් ආයතනය – බණ්ඩාරවෙල, නුවරඑළිය, බොරලන්ද

කීල්ස් ආයතනය – කැප්පෙටිපොළ, නුවරඑළිය

ලොකු ලූනු මිල දී ගැනීම –

ලංකා සතොස ආයතනය – දඹුල්ල, තඹුත්තේගම

කාගිල්ස් ආයතනය – සීගිරිය, තඹුත්තේගම

කීල්ස් ආයතනය – දඹුල්ල, තඹුත්තේගම

රතු ලූනු මිල දී ගැනීම –

ලංකා සතොස ආයතනය – යාපනය ආර්ථික මධ්‍යස්ථානය

කාගිල්ස් ආයතනය – නොරොච්චෝල, අලවෙඩ්ඩි

කීල්ස් ආයතනය – යාපනය, පුත්තලම

එක් ගොවි මහත්මයෙක් සඳහා අල, ලොකු ලූනු හා රතු ලූනු උපරිම වශයෙන් කිලෝ ග්‍රෑම් 2000 ක ප්‍රමාණයක් බැගින් මෙම ස්ථාන වලට සැපයිය හැකි නව ද අමාත්‍යාංශය නිවේදනය කළා.

Share This