දෛනිකව ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට (වීඩියෝ)
දින කිහිපයක සිට මෙරට මුහුදු තීරයේ නැංඟුරම් ලා තිබූ ගෑස් නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් කෙරවලපිටිය පර්යන්තයට අද (22) දින ගොඩබෑම සිදුකරනු ලැබුවා.
ඒ අනුව පවත්නා ගෘහස්ථ ගෑස් හිඟය විසඳීම සඳහා අද (22) සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සිට ලිට්රෝ ගෑස් හිඟයකින් තොරව යළිත් සාමාන්‍ය ආකාරයෙන් වෙළඳපොළට බෙදාහැරීමට හැකියාව ඇති බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.
මේ අතර ලාෆ් ගෑස් සමාගම සිය මිල ගණන් ඉහළ දැමූ පසුබිමක ලාෆ් ගෑස් මිලදී ගැනීමට නොහැකි වීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
කෙසේ වෙතත් එම සමාගම සඳහන් කළේ ගෑස් ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කිරීමට අවසර නොලැබීම හේතුවෙන් ගෑස් ගෙන්වා ගැනීමට අවස්ථාව නොලැබුණු බවයි.