ධීවරයින්ට ලැබුණු සුබ ආරංචිය

ධීවරයින්ට ලැබුණු සුබ ආරංචිය

ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම සහනය මාස 6ක කාලයක් සඳහා ලබාදීමට කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත්තේ.

Share This