ධීවරයින්ට ලැබෙන භූමිතෙල් සහානාධාරයේ වෙනසක්
ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා එම සහනාධාරය ලබාදීමට නියමිතයි.
ධීවරයින්ට මීට පෙර ලබාදුන් භූමිතෙල් සහනාධාරය ලබාදීම පහසුකිරීමේ අරමුණින් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.
ඩීසල් ලීටරයකට රු 25 බැගින් වූ ඩීසල් සහනාධාරය ඉදිරි කාලය සඳහා ද ලබාදීමට නියමිත අතර පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවරයින් මුහුණදී සිටි අසීරුතාවයන්ට සහන සැලසීමේ අරමුණින් පසුගිය ඔක්තෝබර් මස 1 වනදා සිට රජය විසින් ඩීසල සහ භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළා.
එහිදී ඩීසල් ලීටරයක් රු 25 බැගින් ඩීසල් සහනාධාරය ලබාදුන් අතර, භූමිතෙල් ලීටරයකට රු 25 බැගින් දිනකට ලීටර් 15ක උපරිමයකට යටත්ව මාසයකට දින 25ක් සඳහා මෙම සහනාධාරය ලබාදුන්නා.
මෙම සහනාධාරය ක්‍රියාත්මක වෙමින් තිබිය දී හඳුනාගත් අඩුපාඩු අනුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ නව සහනාධාර ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.