නගරාධිපතිරුන්  සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි  නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලයි

නගරාධිපතිරුන් සහ නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලයි

මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පවසන්නේ මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගර සභාවල නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවයි.

පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ තවද කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීතක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කල කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවයි.

එදා වැලිගම සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් කළ ඉල්ලීම ඉටු කලානම් අදත් ඔහු ජීවතුන් අතර බව ඔහු අවධාරණය කළා.

නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ යමක් සිදුවීමට පෙර පුර්ව ආරක්ෂාවීම සුදුසු බව ආණ්ඩුවට මතක් කර දෙන බවයි.

Share This