නත්තල් අසිරියෙන් රටම වර්ණවත් වෙයි (VIDEO)

නත්තල් අසිරියෙන් රටම වර්ණවත් වෙයි (VIDEO)

උදාවීමට නියමිත අසිරිමත් නත්තල සැමරීම සඳහා මේ වන විටත් මෙරට කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් යුතුව සූදානම් වනවා.

එමෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් ද නත්තල සඳහා විදුලි ආලෝකකරණයෙන් අලංකාර කර තිබූ අයුරු දක්නට ලැබුණා.

පසුගිය දෙවර්ෂයේ කොවිඩ් 19 ව්‍යසනය සහ ආර්ථික අර්බුද හමුවේ සුපුරුදු පරිදි නත්තල් සැමරීමට කිතුණු බැතිමතුන්ට අවස්ථාව හිමි වුණේ නැහැ.

මේ හේතුවෙන් හෙට දිනයේ උදාවන නත්තල සැමරීම සඳහා ජනතාව මහත් උනන්දුවෙන් වෙළඳසැල්වෙත ගොස් නත්තල් සැරසිලි සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිලට ගන්නා අයුරු දක්නට ලැබෙනවා.

Share This