නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු මරුට -ජාතික ශෝක කාලයකුත්-

නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු මරුට -ජාතික ශෝක කාලයකුත්-

සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහ තවත් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මීට අමතරව තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අදාළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් හෙට සිට දින 3ක ජාතික ශෝක කාලයක් ද නයිජර් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බුර්කිනෝ ෆාසා හි දේශසීමා ආසන්නයේදී අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ අනුව එය සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන්නට ඇති බවටයි එරට බලධාරීන් සැක පළ කරන්නේ.

Share This