නයිජීරියානු තුවක්කුකරුවන් ජීවිත 26ක් බිලි ගනියි
නයිජීරියාවේ මධ්‍යම සානුව ප්‍රාන්තයේ ගම්මානවලට තුවක්කුකරුවන් විසින් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් බොහෝ දෙනෙකු වෙඩි වැදීම නිසා මිය යා හැකි බවයි එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
යතුරුපැදිවලින් පැමිණි ප්‍රහාරකයින් පිරිසක් කානම් ප්‍රදේශයට පැමිණ ගම්මාන හතරකට කඩා වැදී මිනිසුන්ට වෙඩි තබා තිබෙනවා
මියගිය අයගෙන් වැඩි දෙනෙක් කුඩා දරුවන් බවයි පැවසෙන්නේ
තුවක්කුකරුවන් එහි සිටි ගවයන්ද සොරකම් කර නිවාස ද ගිනි තැබූ බවද සඳහන්
ප්‍රදේශවාසීන් පවසන්නේ අවම වශයෙන් මළ සිරුරු 20 ක් Gyambau ගම්මානයෙන් සොයාගෙන ඇති අතර තවත් මළ සිරුරු 6 ක් පමණ Kyaram ගම්මානයෙන් සොයාගෙන ඇති බවයි.
පුද්ගලයන් ගණනාවක් තවමත් අතුරුදන්ව සිටින අතර සිය ගණනක් අවතැන්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා