නයිජීරියාවේ දේශසීමා අසල සිදුවූ පිපිරීමකින් 27ක් මරුට

නයිජීරියාවේ දේශසීමා අසල සිදුවූ පිපිරීමකින් 27ක් මරුට

නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්ත වන නසරාවා සහ බෙනු අතර දේශසීමා අසල සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් එඬේරුන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පිපිරීමට හේතුව සොයා බලන බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

මෙම ප්‍රදේශවල එඬේර සහ ගොවි ප්‍රජාවන් අතර පවතින සම්පත් සම්බන්ධයෙන් නිතර ආරවුල් ඇති වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සමහර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම පිපිරීම නයිජීරියානු හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් විය හැකි බවයි.

නමුත් මෙය තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This