නයිජීරියාවේ නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

නයිජීරියාවේ නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

නයිජීරියාවේ නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන්ට දඩයක් නොමැතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ පනතක් නයිජීරියාවේ සෙනෙට් සභාව විසින් සම්මත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

සෙනෙට් කමිටුවේ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව පනත සම්මත කර ඇති අතර නීති සම්පාදකයින් පවසා තිබෙන්නේ අපරාධකරුවන් අපරාධ සිදු කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේදී වඩාත් නව්‍යකරණය වෙමින් පවතින බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් නයිජීරියානුවන් බොහෝ පිරිසක් ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එමෙන්ම පනත් කෙටුම්පත ජනාධිපතිගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් විවාදයට ගනු ඇති .

Share This