නයිජීරියාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි – ගුවන් ගමන්වලට බාධා

නයිජීරියාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි – ගුවන් ගමන්වලට බාධා

නයිජීරියාවේ අබුජා අගනුවර Nnamdi Azikiwe ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් ධාවන පථයට හානිවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ

මැක්ස් එයාර් 737-400 ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් තිබෙනවා

යානයේ සිටි මගීන් 143 දෙනා, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ හය දෙනා කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව යානයෙන් ඉවත් කළ බව මැක්ස් එයාර් කළමනාකාරීත්වය සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This