නව අධ්‍යයන වාරය ආරම්භ කිරීමත් සමග චීනයේ කොවිඩ් ඉහළ යාමක්

නව අධ්‍යයන වාරය ආරම්භ කිරීමත් සමග චීනයේ කොවිඩ් ඉහළ යාමක්

චීනයේ විශ්ව විද්‍යාලවල නව අධ්‍යයන වාරය ආරම්භ කිරීමත් සමග කොවිඩ්-19 අඛණ්ඩ ඉහළයාමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම තත්ත්වය චීනයේ සෑම පළාතකම පාහේ දැකිය හැකි බවයි එම වාර්තා සඳහන් කළේ.

බීජිං අගනුවර නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් අතරින්, නව COVID-19 තහවුරු වූ රෝගීන් 14 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 13 දෙනෙකුම විශ්ව විද්‍යාල සිසුන් බවත් පැවසෙනවා.

චාඔන්ග් දිස්ත්‍රික්කයේ චීනයේ සන්නිවේදන විශ්ව විද්‍යාලයේ නව කොවිඩ් රෝගීන් 6 ක් තහවුරු කර ඇති අතර, ඒ අනුව එම විශ්ව විද්‍යාලයේ දින තුනක් තුළ හඳුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 13 ක්.

මේ අතර තවත් විශ්ව විද්‍යාලයක් වන බීජිං රසායනික තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් සිකුරාදා වන විට ආසාදන වූ රෝගීන් 41 ක් වාර්තා වී ඇති බව ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

බීජිං රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ, විශ්ව විද්‍යාලයන්හි වසංගතය සමඟ කටයුතු කිරීමට තීරණාත්මක කාල පරිච්ඡේදයක් එළඹ ඇති බවයි.

Share This