නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විවාදය හෙට කල් යයිද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විවාදය හෙට කල් යයිද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්ක‍රණ සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට යොදාගෙන ඇත්තත් ඊට අදාල ධවල පත්‍රිකාවක් ආණ්ඩුවෙන් සූදානම් කර නැතැයි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ විවාදයට අදාල පදනම් ලේඛනයක් ඉල්ලා සිටි අවස්ථාවේ සභානායක බිමල් රත්නායක මහතා එවැන්නක් නොමැති බව පැවසූ බව සදහන් කළ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා එම හේතුවෙන් හෙට විවාදයක් පැවැත්වීම බැරෑරුම් ගැටලුවක් බව සදහන් කළා.

මන්ත්‍රීවරයා අවධ්‍රණය කළේ මෙම ප්‍රතිසංස්කරණ සදහා තම කණ්ඩායම එකග බවයි.

ඒ සදහා සාක්ච්ඡාවට වැඩපිළිවෙලක් අවශ්‍ය බව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සදහන් කරනවා.

Share This