නව කොවිඩ් ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනා ගැනේ – විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්

නව කොවිඩ් ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනා ගැනේ – විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්

COVID-19 හි නව ප්‍රභේදයක් එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසනවා

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Omicron හි උප ප්‍රභේදයක් වන Eris යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන EG.5.1 ප්‍රභේදය පසුගිය මාසයේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔමික්‍රොන් ප්‍රභේදයක් වන Eris හි වඩාත් සුලභ රෝග ලක්ෂණ වන්නේ නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුවයි.

එය ඉක්මනින් ව්‍යාප්ත වන බව පෙනෙන අතර මෑතදී රෝගීන් සහ රෝහල්ගතවීම් ඉහළ යාමට එක් හේතුවක් විය හැකි බවද එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසනවා

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසන පරිදි මෙම සතියේ වාර්තාවේ COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර බොහෝ වයස් කාණ්ඩවල, විශේෂයෙන් වයෝවෘද්ධ අය අතර රෝහල්වලට ඇතුළත් වීමේ අනුපාතවල වැඩිවීමක් ද දක්නට ලැබෙනවා

එන්නත් ලබාගැනීමෙන් සහ පූර්ව ආසාදන මගින් මිනිසුන් වඩා හොඳින් ආරක්ෂා වී ඇතත්, අනෙක් රටවල් තම රටේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This