නව ඩිජිටල්කරණ ව්‍යාපෘති කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

නව ඩිජිටල්කරණ ව්‍යාපෘති කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු වී ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වෙත සිය සුභ පැතුම් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, ප්‍රජා ආරක්ෂාව, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

Share This