නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ

නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාරදීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් හෙට (31) සිය ධුරවලින් විශ්‍රාම යාමට නියමිතයි.

 

 

 

 

Share This