නවදිල්ලි හි දුම්රිය ස්ථානයක තෙරපීමකින් 15 දෙනෙකු මරුට

නවදිල්ලි හි දුම්රිය ස්ථානයක තෙරපීමකින් 15 දෙනෙකු මරුට

ඉන්දියාවේ නවදිල්ලි හි දුම්රිය ස්ථානයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම සිදුවීමෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අයගෙන් තිදෙනෙකු ළමුන් වන අතර 10 දෙනෙකු කාන්තාවන් වන බව සඳහන්.

දුම්රිය දෙකක් පැමිණීම ප්‍රමාද වී ඇති අතර තුන්වන දුම්රිය කුම්භමේලා පැවැත්වෙන ප්‍රයග්‍රාජ් වෙත පිටත්ව යාමට නියමිතව තිබියදී එකවර ඊට විශාල පිරිසක් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This