නවදිල්ලියේ පැවති ගෝලීය බෞද්ධ සමුලුවේදී ඉන්දීය අගමැතිවරයා හෙළි කළ සැලැස්ම

නවදිල්ලියේ පැවති ගෝලීය බෞද්ධ සමුලුවේදී ඉන්දීය අගමැතිවරයා හෙළි කළ සැලැස්ම

ගෞතම බුදුන්ගේ උතුම් ඉගැන්වීම් අනුගමනය කිරීමට සියලුදෙනා පෙළඹිය යුතු බව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා නවදිල්ලියේ පැවති ප්‍රථම ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක සැසිවාරය අමතමින්  අවධාරණය කර තිබෙනවා.

අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය හා එක්ව ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම දෙදින සමුළුව අප්‍රේල් 20-21 යන දිනවල පැවැත්වුණා.

ගෝලීය බෞද්ධ සමුළුවේ තේමාව වන්නේ “සමකාලීන අභියෝගවලට ප්‍රතිචාර: ප්‍රායෝගිකත්වය වෙත දර්ශනය” යන්නයි.

මෙම සමුළුව බෞද්ධ හා විශ්වීය අවශ්‍යතා පිළිබඳ ගෝලීය බෞද්ධ දහම් නායකත්වය සහ විද්වතුන් සම්බන්ධ කර ගැනීමටත්, ඒවා සාමූහිකව ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිපත්තිමය එකඟතා ඉදිරිපත් කිරීමටත් දරන ප්‍රයත්නයකි.

බුද්ධ ධර්මයේ මූලික හරයන් සමකාලීන පසුබිම තුළ ආශ්වාදයක් සහ මග පෙන්වීමක් ලබාදෙන්නේ කෙසේදැයි සමුළුවේ සාකච්ඡාවේදී ගවේෂණය කරනු ලැබුවා. ප්‍රථම වරට පැවැත්වෙන මෙම ගෝලීය බෞද්ධ සමුළුවට රටවල් 30 ක බෞද්ධ ධර්ම ගුරුවරුන්, චින්තකයන් සහ ප්‍රකාශකයන් 180 දෙනෙකු සහභාගී වුණා.

ප්‍රමුඛ පෙළේ ඇමරිකානු චින්තකයෙක් සහ ලේඛකයෙක් වන රොබට් තර්මන් සහ මෙක්සිකෝව සහ බ්‍රසීලය වැනි දුර බැහැර රටවල නියෝජිතයෝද මෙම සමුළුවට එක්ව සිටියා.

ලෝක සාමය ප්‍රචාරණය කළ බුදුන් වහන්සේට “නමෝ බුද්ධාය” යනුවෙන් ගෞරව කරමින් සිය දේශනය ආරම්භ කළ ඉන්දීය අගමැතිවරයා මෙසේද සඳහන් කළා.

““ගෞතම බුදුන්ගේ උතුම් ඉගැන්වීම් සියවස් ගණනාවක් පුරා අසංඛ්‍යාත මිනිසුන්ට බලපෑම් කර ඇත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලින් ආභාෂය ලබා ඉන්දියාව ගෝලීය සුබසාධනය සඳහා නව මුලපිරීම් ගනිමින් සිටී. ඉන්දියාව සැමවිටම බුදුන් වහන්සේගේ ‘අතිති දේවෝ භව’ යන දෙසුම අනුගමනය කර ඇත.

එනම් අමුත්තන් අපට දෙවියන් හා සමානය යන්නයි. ඉතින්, බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන බොහෝ දෙනා ඉදිරියේ මට දැනෙන්නේ බුදු රජාණන් වහන්සේම දැන් මෙහි වැඩ සිටින ආකාරයෙනුයි.” ඔහු සඳහන් කර ඇත්තේ.

න්‍යාය, ප්‍රායෝගිකත්වය සහ අවබෝධය යන බෞද්ධ මාර්ගය මෙහිදී සිහිපත් කළ අගමැතිවරයා ඉන්දීය රජයේ පසුගිය වසර නවය තුළ, සිය ගමනේදී මෙම කරුණු තුනම අනුගමනය කිරීම පිළිබඳව විස්තර කර තිබෙනවා.

බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව කැපවීමෙන් කටයුතු කර ඇති බව මෝදි ප්‍රකාශ කළේය. තුර්කියේ භූමිකම්පාව වැනි විපත්වලදී සාම දූත මෙහෙවර සහ මුදාගැනීමේ කටයුතු සඳහා ඉන්දියාව ගත් උත්සාහයන් ගැනද ඔහු සඳහන් කර සිටියා.

“කෝටි 140 ක ඉන්දියානුවන්ගේ මෙම හැඟීම් ලෝකය විසින් දැක, අවබෝධ කරගනිමින් සහ පිළිගෙන තිබෙනවා ” යැයි අගමැති මෝදි පැවසුවා.

තමා ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වූ වඩ්නගර් සිට පැමිණ ඇති බැවින් බුදුදහම සමඟ තමාට ඇති පෞද්ගලික සම්බන්ධය අගමැතිවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ඉන්දියාව සිය 75 වැනි නිදහස් උත්සවය සමරන වසරේදීම ගෝලීය බෞද්ධ සමුළුව පවත්වෙන බව සඳහන් කළ ඉන්දීය අගමැතිවරයා, ඉන්දියාවට එහි අනාගතය සඳහා ප්‍රධාන ඉලක්කයක් සහ ගෝලීය යහපත සඳහා නව යෝජනා ඇති බව පෙන්වාදුන්නා. ඉන්දියාව මෑතකාලීනව විවිධ ක්ෂේත්‍රවල ගෝලීය සන්ධිස්ථාන කරා ළඟාවීම පිටුපස ඇති ආභාෂය බුදුරජාණන්වහන්සේම බව ඔහු අවධාරණය කර සිටියා.

ප්‍රශ්නයේ සිට විසඳුම කරා යන ගමන බුදුන් වහන්සේගේ සැබෑ ගමනයි. උන්වහන්සේ මාලිගා සහ රාජධානිවලින් පිරුණු ජීවිතය හැර ගියේ අන් අයගේ ජීවිතවල වේදනාව අවබෝධ කරගත් නිසා බවයි.

“ඉන්දියාවේ විවිධ පසුබිම් සහ ආචාරධර්ම අනුගමනය කරමින් මිනිස්සු ජීවත් වෙති. එය බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශය පිළිබඳ සාක්ෂියයි. එපමණක් නොව, ඉන්දියාව බොහෝ ක්ෂේත්‍රවලදී ප්‍රමුඛත්වය ලබා ඇති අතර, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විශාල ආභාෂයක් ලබා තිබෙනවා.

තමන්ගේ සිතුවිලි අන් අය මත පැටවීමේ ප්‍රවණතාවය අද ලෝකයේ ගැටලුවලට ලොකුම හේතුව බවයි.අන් අයට උපදෙස් දීමට පෙර එවැනි තැනැත්තන් තමන්ගේ හැසිරීම නිවැරදි කළ යුතුයි.

ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා ‘අම්රිත් කාල්’ සංකල්පය තුළ ඉදිරියට යන බවත්, ඒ පිටුපස ඇති ලොකුම ආනුභාවය බුදු රජාණන් වහන්සේයි.

මෙම අම්රිත් කාල්” වකවානුවේ ඉන්දියාව බොහෝ විෂයයන් සඳහා නව මුලපිරීම් ලබාගෙන ඇති අතර, ඒ සඳහා අපගේ ලොකුම ආනුභාවය බුදු රජාණන් වහන්සේය. ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා ‘අම්රිත් කාල්’ තුළ ඉදිරියට ගමන් කරයි. ඉන්දියාව අධිෂ්ඨාන කර ඇත්තේ ඉන්දියාවේ පමණක් නොව, මුළු ලෝකයේම සුබසාධනයයි.

බුද්ධ යනු පුද්ගලයාට එහා ගිය අවබෝධයක්, බුද්ධ යනු රූපයෙන් ඔබ්බට වූ සිතිවිල්ලක්, බුද්ධ යනු රූපයෙන් ඔබ්බට ගිය විඥ්ඥාණයක්. මෙම බුද්ධ විඥ්ඥාණය සදාකාලික සහ නිරන්තරව පවතින්නකි…මෙම සිතුවිල්ල සදාකාලිකයි, මෙම අවබෝධය අමතක කළ නොහැකියි” යි.

බොහෝ මිනිසුන් යහපත් අනාගතයක් සඳහා දැක්මක් සමඟ එක් වූ විට, අනාගතය ඇත්තෙන්ම විශිෂ්ට වනු ඇත. ඉන්දියාවට බොහෝ ක්ෂේත්‍රවල ප්‍රථම ස්ථානය ලැබී තිබේ.  ඒ නිසා අද විවිධ රටවල සහ විවිධ භූගෝලීය-සංස්කෘතික පරිසරයන්ගෙන් මිනිසුන් මෙහි පැමිණ සිටිති. සමස්ත මනුෂ්‍යත්වයම එක හුයකින් ඒකරාශී කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.

උන්වහන්සේගේ මාර්ගය අනාගතයේ, තිරසාරත්වයේ මාවතයි. අද ලෝකය අත්විඳින යුද්ධයට සහ නොසන්සුන්තාවයට, සියවස් ගණනාවකට පෙර බුදුරජාණන් වහන්සේ විසඳුමක් ලබාදුන්හ. ප්‍රශ්න විසඳීමේ ගමන බුදුන්ගේ ගමනයි. ඉන්දියාව සෑම මිනිසෙකුගේම දුක දුකක් ලෙස සලකයි. ලෝකයට සතුට වැළඳගත හැක්කේ ජයග්‍රහණ, පරාජයන්, සටන්, යුද්ධ පිළිබඳ අවබෝධය අත්හළහොත් පමණයි.

බුදුරජාණන් වහන්සේ මේවා ජය ගැනීමට මාර්ගය දේශනා කර ඇත. සතුරුකම ආදරයෙන් මිස වෛරයෙන් පහ කළ නොහැක. සැබෑ සතුට ඇත්තේ සාමය තුළ සහ සාමයෙන් එකට ජීවත්වීම තුළ ය. අපට ලෝකය සතුටු කිරීමට අවශ්‍ය නම් මෙම මාර්ගයේ ගමන් කළ යුතුයි.

අපි ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ පරිශ්‍ය වැඩිදියුණු කළා. එය කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝ බෞද්ධ සංස්කෘතිය සඳහා ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිටුවන ලුම්බිණිය වේවා, ඉන්දියාව ඕනෑම තැනකදී බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට කරයුතු කරනු ඇති ” යැයි අගමැතිවරයා සිය දේශනය අවසන් කරමින් අවධාරණය කර සිටියා.

Share This