නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

බෞද්ධ ශාසනයේ ඉතා වැදගත් දිනයක් වන උතුම් නවම් පුර පසළොස්වක පොහොය අදට (12) යෙදී තිබෙනවා.

ශාසනික වශයෙන් බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවූ බව සඳහන්.

එමෙන්ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය පෑම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පුන් පොහෝ දිනයක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

උතුම් නවම් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ස්වර්ණවාහිනී අමාදහර ධර්ම දේශනාව අද (12) ගාල්ල අක්මීමණ ශ්‍රී සද්ධර්මෝදයාරාම විහාරස්ථානයේ සිට සජීවීව ඔබ වෙත සමීප කරවීමට කටයුතු කර තිබෙනවා.

ඒ සමගම සැදැහැවත් සම්බුද්ධ වන්දනාවක් උදෙසා අද සවස 5.00 සිට පරම්පරා සුවඳ දුම් පූජාව කුරුණෑගල රම්බොඩගල විහාරයේ සිට සජීවීව ඔබ වෙත සමීප කරවීමටද ස්වර්ණවාහිනී අප පින් සිත් පෙරදැරිව සූදානමින් සිටිනවා.

Share This