නවසීලන්ත ගුවන් නියමුවෙකු ඉන්දුනීසියාවේදී ප්‍රාණ ඇපයට -සෙවීමට පැමිණි සොල්දාදුවන් 13ක් මරුට

නවසීලන්ත ගුවන් නියමුවෙකු ඉන්දුනීසියාවේදී ප්‍රාණ ඇපයට -සෙවීමට පැමිණි සොල්දාදුවන් 13ක් මරුට

නවසීලන්ත ගුවන් නියමුවෙකු ප්‍රාණ ඇපයට ගත් ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ බෙදුම්වාදී කැරලිකරුවෝ,ඔහුව සෙවීම සඳහා පැමිණි ඉන්දුනීසියානු සොල්දාදුවන් 13 දෙනෙකු පමණ මරා දැමූ බව සඳහන් කර තිබෙනවා.

නවසීලන්ත ගුවන් නියමුවෙකු වන Philip Mehrtens පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රාණ ඇපයට ගනු ලැබුවා.

සමහර සොල්දාදුවන් අතුරුදහන් වී ඇති බව එරට හමුදාව තහවුරු කර ඇති අතර පවතින කාලගුණ තත්ත්වය නිසා නියමුවා සිටින ස්ථානය තීරණය කිරීමට අපහසු බවද ඉන්දුනීසියානු හමුදාව පවසනවා .

නවසීලන්තය සහ ඉන්දුනීසියානු රජයන් සමග සාම සාකච්ඡා සඳහා යෝජනා කර ඇති නමුත් මාස දෙකක් තිස්සේ එම යෝජනා ඉවත ලූ බවයි කැරලිකාර කණ්ඩායම සඳහන් කර තිබෙන්නේ.

මධ්‍යස්ථ තුන්වන පාර්ශ්වයක්, එනම් එක්සත් ජාතීන්ගේ සංවිධාන ආයතනයක් යටතේ සාම සාකච්ඡා පැවැත්විය හැකි බව කැරලිකාර කණ්ඩායම පවසනවා.

පැපුවාහි කැරලිකරුවන් දශක ගණනාවක් තිස්සේ ජකර්තා වෙතින් නිදහස අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තනි එන්ජිමක් සහිත ගුවන් යානය 37 හැවිරිදි ගුවන් නියමුවා විසින් Nduga වෙත ගොඩ බස්සවා මඳ වේලාවකට පසුව කැරලිකරුවන් විසින් ඔහුව අල්ලා ගත් බවයි පැවසෙන්නේ .

පසුව කැරලිකරුවන් විසින් නිකුත් කරන ලද වීඩියෝවකින් ගුවන් නියමුවා පෙන්වා ඇති අතර ඔවුන් පැපුවා ප්‍රදේශයට නිදහස ලබා දුනහොත් ගුවන් නියමුවා නිදහස් කරන බවද පවසා තිබෙනවා.

Share This