නවසීලන්තය 2022 නව වසර පිළිගනීයි
2022 නව වසර උදා වූ පළමු රට බවට සෑම වසරක මෙන් නවසීලන්තය මෙවරත් පත් වුණා.
නව වසර පිළිගැනීම වෙනුවෙන් එරට ප්‍රධානතම නගරය වන ඕක්ලන්ඩ් නගරයේ සුප්‍රකට ‘ස්කයි ටවර්’ ගොඩනැගිල්ලේ මල්වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබුවා.
ලොව පුරා පැතිරගොස් ඇති කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් නව වසර පිළිගැනීමට නවසීලන්ත වැසියන් වැඩි වශයෙන් එක්ව නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.