නවසීලන්තය  මීයන් තුරන් කිරීමේ ක්‍රියාන්විතයක

නවසීලන්තය මීයන් තුරන් කිරීමේ ක්‍රියාන්විතයක

නවසීලන්තයේ දර්ශනීය අර්ධද්වීපයක් වන මිරාමර් හි වනජීවී නිලධාරීන් මීයන් විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Predator – Free Miramar නම් වූ මෙම මෙහෙයුමෙහි අරමුණ වන්නේ නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් නගරයේ මිරාමර් ප්‍රදේශය තුළ මීයන් තුරන් කිරීම මගින් දේශීය කුරුල්ලන් ආරක්ෂා කර ගැනීමයි.

මෙම ක්‍රියාන්විතයට එක්වන ස්වේච්ඡා සේවකයන්ට hi-vis ජැකට් පැළඳීමෙන් පසු මීයන් සඳහා සුදුසු ඇමක් ලෙසින් රටකජු බටර් වස සමග ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීයන් සහ අනෙකුත් විලෝපිකයන් මුලිනුපුටා දැමීම මිරාමර් ප්‍රදේශයේ පමණක් නොව සමස්ත නවසීලන්තයේම ඉලක්කය වන අතර 2050 වන විට මුළු රටින්ම මීයන් තුරන් කිරීමේ කාර්යය අවසන් කිරීමට එරට රජය අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙතෙක් සියලුම මීයන් ඉවත් කළ විශාලතම දූපත දකුණු අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 170 දිග ප්‍රදේශයක් වන දකුණු ජෝර්ජියාවයි. .

තවත් සමහරු මියන් තුරන් කිරීමේ ක්‍රියාන්විතය ගැන ප්‍රායෝගික හා සදාචාරාත්මක ගැටලු පෙන්වා දෙන අතර නවසීලන්ත රජය ඔවුන්ට අවේණික වූ පක්ෂින් ආරක්ෂා කරගැනීම වඩා වැදගත් කාර්යක් බවට පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This