නවසීලන්තයේ ආර්ථික අවපාතයක්

නවසීලන්තයේ ආර්ථික අවපාතයක්

නවසීලන්ත මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසු එරට ආර්ථිකයේ අවපාතයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තයේ දල දේශීය නිෂ්පාදිතය 0.1%කින් පහළ ගොස් ඇති බවයි එරට නිල සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත්තේ.

නවසීලන්ත සංචිත බැංකුව මෙම වසරේ මුල් කාර්තුවේ දී අපේක්ෂා කළ 0.3%ක වර්ධන පුරෝකථනයට වඩා අඩු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

නවසීලන්ත ඩොලරයේ වටිනාකම ද 0.2% කින් පහළ ගොස් තිබෙනවා.

ජනවාරි – පෙබරවාරි මාසවල ඇති වූ සුළි කුණාටු දෙකක සහ හදිසි ගංවතුරේ බලපෑම ද නවසීලන්තයේ ආර්ථිකය පරිහානියට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

Share This