නවසීලන්තයේ නගරයකට හදිසි තත්ත්වයක්

නවසීලන්තයේ නගරයකට හදිසි තත්ත්වයක්

නවසීලන්තයේ Gisborne නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ශාපතනයත් සමග Gisborne නගරයේ ගංවතුර සහ නායයාම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර නිවස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.

ඒ අනුව පුද්ගලයින් 100කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉදිරි දිනවලදී පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි නවසීලන්ත කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.

Share This