නවාල්නිට සමුදෙමින් හඬා වැටෙන රුසියානුවන් (VIDEO)

නවාල්නිට සමුදෙමින් හඬා වැටෙන රුසියානුවන් (VIDEO)

රුසියානුවන් දහස් ගණනක් විරුද්ධ පක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සමුදීමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ එරෙහිවූ එකම විවේචකයා ලෙසයි බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහි වූ නවාල්නිව සිරගත කළ අතර පෙබරවාරි 16 වනදා ඔහු සිරගත කර සිටියදී මියගියා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් සහ ඥාතීන් මෙන්ම බොහෝ විදේශීය නායකයින් ද පුටින්ට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු බලධාරීන් එවැනි චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This