නසීර් අහමඩ් පක්ෂයෙන් එළියට (වීඩියෝ)

නසීර් අහමඩ් පක්ෂයෙන් එළියට (වීඩියෝ)

පසුගියදා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂය උත්තරීතර මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පරිසර අමාත්‍යවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත්කළ අතර ඒ හේතුවෙන් මුස්ලිම් කොංග්‍රසය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (22) රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන තිබුණා.

 

 

Share This