න්‍යෂ්ටික අවි බෙලරුස්’හි  ස්ථානගත කළ  බව පුටින් තහවුරු කරයි

න්‍යෂ්ටික අවි බෙලරුස්’හි ස්ථානගත කළ බව පුටින් තහවුරු කරයි

රුසියාව දැනටමත් පළමු උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි කණ්ඩායමක් බෙලරුස්’හි ස්ථානගත කර ඇති බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා.

රුසියාවේ භූමියට හෝ රාජ්‍යයට තර්ජනයක් ඇත්නම් පමණක් ඒවා භාවිතා කරන බවයි Putin මාධ්‍ය සංසදයකට පවසා ඇත්තේ.

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රෙම්ලිනය න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු ඇඟවීමක් නොමැති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken මහතා පවසනවා.

බෙලරුස්, ප්‍රධාන රුසියානු මිත්‍ර රාජ්‍යයක් වන අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යුක්‍රේනය ආක්‍රමණය සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This