න්‍යෂ්ටික යුද්ධයක් පිළිබදව අනතුරු ඇඟවීමක්

න්‍යෂ්ටික යුද්ධයක් පිළිබදව අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙමින් සිටින බවට උතුරු කොරියාව අද (06) ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අමෙරිකාව සහ දකුණු කොරියාව සිදු කරන යුධ අභ්‍යාසවලට උතුරු කොරියාව දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇති බවයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත්තේ මිලිටරි අභ්‍යාස හරහා සිදු කරන යුධ කටයුතුවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවයි

උතුරු කොරියාව පසුගිය සති කිහිපයේ සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින අතර දිය යට දී න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි ඩ්‍රෝන යානයක් අත්හදා බලමින් සිටින බව සඳහන්.

Share This