නාරම්මලදී ලොරි රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මරුට

නාරම්මලදී ලොරි රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මරුට

අද දින අළුයම් කාලයේදි නාරම්මල පොලිස්වසමේ හොරොම්බාව, මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේ දී අංක NP LM – 9474 දරණ ලොරි රථය මාවී ඇල දෙස සිට නාරම්මල දෙසට ධාවනය කරමින් සිටිය දී මාර්ගයේ දකුණු පසින් මාර්ගයෙන් ඉවතට පැන එහි තිබූ දුරකථන කණුවක ගැටි පෙරළී යාමෙන් මෙම අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් ලොරි රථයේ පිටු පස ගමන්ගත් තරුණයින් දෙදෙනකු ලොරි රථයට යට වීමෙන් එම ස්ථානයේම මිය ගොස් තිබුණා.

පොලීසිය පැවසුවේ මෙම අනතුර පිළිබදව විමර්ශන සිදුකර අනතුරට අදාල ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

මියගොස් ඇත්තේ නෙඩුන්කේනි, 18 වන කණුව ප්‍රදේශයේ පදිංචි මාණක්කම් කලෙයි සෙල්වන් සහ වව්නියාව, කදෛර්ය කුලම් පදිංචි රාමක්‍රිෂ්නන් ඩේවින් පෙනිකින් යන 26 හැවිරිදි සහ 29 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙක්.

ලොරි රථයේ රියදුරු වන මාරිමුත්තු චන්ද්‍ර කුමාරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Share This