නාවික හමුදාව නිදහස් කළ තමිල්නාඩු ධීවරයින් පිරිසක් යළි ඉන්දියාවට

නාවික හමුදාව නිදහස් කළ තමිල්නාඩු ධීවරයින් පිරිසක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කරනු ලැබූ තමිල්නාඩු ධීවරයින් පිරිසක් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය අගෝස්තු 27 වනදා මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ එම ධීවරයින් ඔවුන්ගේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව පැවති නඩු විභාගයකින් පසුව රුපියල් 50,000ක දඩයකට යටත්ව එම ධීවරයින් පිරිස මුදාහැර තිබෙනවා.

අදාළ ධීවරයින් අතර සිටි තිදෙනෙකු මීට පෙර අවස්ථා කිහිපයකදීද නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

Share This