නාසා කැලැන්ඩරයට ගිය අපේ පුංචි සිත්තරා (VIDEO)

නාසා කැලැන්ඩරයට ගිය අපේ පුංචි සිත්තරා (VIDEO)

අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව තිබෙනවා.

චිත්‍ර ඇදීමට උපන් හපන් දහම් ලෝෂිත විවිධ වූ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා.

පසුව නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරගාවලියට දහම්ට ඉදිරිපත් වුණා.

ඒ අනුව ”Living & Working in the Space – අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම” යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම චිත්‍රයට ලොව පළමු තැන හිමි වී තිබෙනවා.

දහම්ගේ මෙම චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 

 

 

Share This