නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පිරිස 800 ඉක්මවයි (VIDEO)

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පිරිස 800 ඉක්මවයි (VIDEO)

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට පෙරේදා අගභාගයේ බලපෑ රිච්ටර් මාපකයේ 6.0 ක් සටහන් වූ භූමිකම්පාවෙන් 800 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය මූලික වාර්තා උපුටා දක්වමින් පවසනවා.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන සම්බන්ධීකාරක බීබීසී වෙත පවසා තිබුණේ උණුසුම් ආහාර සහ බ්ලැන්කට් සූදානම් කරමින් සිටින බවයි.

භූමිකම්පාව දුරස්ථ හා කඳුකර කුනාර් පළාතට දැඩි ලෙස බලපා තිබෙනවා.

භූකම්පනයත් සමග අවහිර වූ පාෂාණ ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර කර තිබෙන අතර ඒවා ගුවනින් සිදු කළ යුතු වීම හේතුවෙන් , හෙලිකොප්ටර් මගින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ළඟා වීමට උත්සාහ කරන බව වාර්තා වුණා.

බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් යට සිරවී සිටින බවට විශ්වාස කරන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව සදහන්.

එරට නිලධාරීන් පවසන්නේ මුළු ගම්මානම විනාශ වී ඇති බවයි.

තලේබාන් සංවිධානය ජාත්‍යන්තර ආධාර ඉල්ලා ඇති අතර, එක්සත් රාජධානිය සහන අරමුදල් සඳහා පවුම් මිලියන 1 ක් පොරොන්දු වී ඇතැයි සදහන්.

එම මුදල් තලේබාන් අතට නොයන බව අවධාරණය කර තිබෙනවා.

භූමිකම්පාව කිලෝමීටර 8 (මිලිමීටර 5) ක නොගැඹුරු මතුපිටක සිදුව ඇති අතර – එය වඩාත් විනාශකාරී ලෙස පැතිරී තිබෙනවා.

එමෙන්ම කාබුල් සිට පකිස්ථානයේ අගනුවර ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි සෙලවූ බවත් වාර්තා වුණා.

Share This