නැගෙනහිර ඕස්ට්‍රේලියාවට ගිගුරුම් සහිත වැසි – 10ක් මරුට

නැගෙනහිර ඕස්ට්‍රේලියාවට ගිගුරුම් සහිත වැසි – 10ක් මරුට

දරුණු ගිගුරුම් සහිත වැසි හේතුවෙන් නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ නව හැවිරිදි දැරියක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බොහෝ මරණ සිදුවී ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බවයි පැවසෙන්නේ

දස දහස් සංඛ්‍යාත ජනතාවක් තවමත් විදුලිය නොමැතිව සිටින බවද සඳහන්

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ද ප්‍රදේශවලටද ගංවතුර හා සුළං වලින් හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

තවදුරටත් ගිගුරුම් සහිත වැසි පුරෝකථනය කර ඇති නමුත් ඉදිරි දිනයේදී තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This