නැගෙනහිර යුක්‍රේනයට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය නෑ – Dnipro නගරාධිපති (VIDEO)

නැගෙනහිර යුක්‍රේනයට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය නෑ – Dnipro නගරාධිපති (VIDEO)

නැගෙනහිර යුක්‍රේන නගරයේ මහල් ගොඩනැගිල්ලකට පසුගිය සෙනසුරාදා(14) එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පසු තවත් දිවි ගලවා ගත් අය නොමැති විය හැකි බවට Dnipro හි නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරයෙන් 30 දෙනෙකු මිය ගිය අතර තවත් 44 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට නගර බලධාරීහු පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි මහතා පවසා තිබෙන්නේ Kharkiv සහ Kyiv කලාපවල බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි ලෙස පහර වැදී ඇති බවයි.

මේ අතර යුක්‍රේනයට බටහිර රටවලින් අවි බෙදා හැරීමක් අපේක්ෂා කළ හැකි බව නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසා තිබෙනවා.

Share This