නැවත විවෘත කිරීමට නියමිත ගාසා තීරයට බෝම්බ ප්‍රහාරවලින් හානි

නැවත විවෘත කිරීමට නියමිත ගාසා තීරයට බෝම්බ ප්‍රහාරවලින් හානි

ඊජිප්තුව ට්‍රක් රථ 20ක් දක්වා ගාසා තීරයට ඇතුළු වීමට එකඟතාව පළ කර තිබුණත් බෝම්බ ප්‍රහාරවලින් සිදුව ඇති හානි හේතුවෙන් තවමත් ඒ සඳහා අවස්ථාවක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ තමන් එකඟ වන්නේ ආහාර, ජලය සහ ඖෂධ රථවලට ගමන් කිරීමට පමණක් බවයි .

කයිරෝවේ දී අදහස් දක්වමින් කියා සිටියේ ගාසා තීරයට ඇතුළු වීමට නියමිත සැපයුම් මගින් පවතින තත්ත්වය සුළු පමණකින් හෝ ලිහිල් වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres පවසනවා

එහෙත් ආධාර ආයතන පවසන්නේ තිරසාර පදනමක් මත තවත් බොහෝ දේ අවශ්‍ය බවයි.

රෆා දේශසීමා හරස් මාර්ගය දැන් මානුෂීය ආධාර ලබාදීම සඳහා ඇති එකම ක්‍රමය වන අතර ඉන්ධන සහ මානුෂීය භාණ්ඩ රැගත් ලොරි රැසක් එය විවෘත වන තෙක් බලා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඊජිප්තු මාධ්‍ය පවසන්නේ එක්සත් ජනපදය විසින් එකඟතාවයකට පැමිණීමෙන් පසු රෆා හරස් මාර්ගය අද (20) පැය කිහිපයකට හෝ විවෘත කරන බවයි.

රෆා හරස් මාර්ගයේ දැඩි බෝම්බ ප්‍රහාරයක් දිගටම පැවතුනහොත් ආධාර බෙදා හැරීමට බාධා විය හැකි බවද වාර්තා වනවා

Share This