නිකොල් එතැයි බලාපොරොත්තුවෙන් ෆ්ලොරිඩාව සූදානමින් (VIDEO)

නිකොල් එතැයි බලාපොරොත්තුවෙන් ෆ්ලොරිඩාව සූදානමින් (VIDEO)

ෆ්ලොරිඩාවේ පදිංචිකරුවන් නිකොල් සුළි කුණාටුව සඳහා සූදානම් වෙමින් සිටින අතර ගිණිකොණ දිග හෝ නැගෙනහිර මධ්‍යම ෆ්ලොරිඩාවට එය ළගාවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කර තිබෙන්නේ එය පැයට සැතපුම් 75 (120km/h) වේගයකින් ගමන් කරන බවයි

නිකොල් සුළි කුණාටුව ග්‍රෑන්ඩ් බහමා දූපතට ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දැනටමත් නිකොල් සුළි කුණාටුව නිසා ගුවන් ගමන් නවත්වා ඇති අතර ප්‍රාන්තයේ උද්‍යාන සහ පාසල් වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වසර 40කට පසු එක්සත් ජනපදයට බලපාන පළමු සුළි කුණාටුව නිකොල් ලෙසයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත 67 න් බොහොමයකට හදිසි ප්‍රකාශ නිකුත් කර තිබෙනවා

ෆ්ලොරිඩා අර්ධද්වීපය හරහා අඩි 5ක් දක්වා කුණාටු ඇති විය හැකි අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටද එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසනවා

නිකොල් සුළි කුණාටුව බ්‍රහස්පතින්දා දකුණු ජෝර්ජියාවට සහ සිකුරාදා කැරොලිනාස් වෙත ගමන් කරනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා

Share This