නිදහස් දින සමරු උළෙලේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
පෙබරවාරි 04 දිනට යෙදී ඇති 77 වන නිදහස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.
නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ හා ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.
77 වන නිදහස් දින උත්සවය මෙම වසරේ පෙබරවාරි මස 04 දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.